රජයේ ඉඩම් යනුවෙන් හඳුන්වනු ලබන්නේ.

  • 1894 අංක 1 දරන මුඩු බිම් ආඥා පනත යටතේ රජය සතු වූ ඉඩම්.
  • 1931 අංක 21 දරන නිරවුල් කිරිමේ ආඥා පනත යටතේ රජය සතු ලෙස නිරවුල් කළ ඉඩම්.
  • 1950 අංක 9 දරන රජයට ඉඩම් අත්කර ගැනීමේ පනත යටතේ අත්කරගත් ඉඩම්.
  • 1979 අංක 43 දරන ඉඩම් ප්‍රදාන (විශේෂ විධි විධාන) පනත යටතේ පවරාගත් ඉඩම්.
  • අධිකරණ නියෝගයක් මත රජය සතු කරන ලද ඉඩම්.
  • ශ්‍රී ලංකා ජනරජයට නීත්‍යනුකූලව අයිතියක් ඇති රජය විසින් අන්සතු කරනු ලැබිය හැකි ඉඩම්.

 

මීට අතිරේකව 1978 අංක 07 දරන රජයේ ඉඩම් (සන්තකය ආපසූ ගැනීමේ) පනතේ කාර්යයන් සඳහා පමණක්,

  • ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම සතු ඉඩම්.
  • රාජ්‍ය වැවිලි සංස්ථාව සතු ඉඩම්.
  • ජනතා වතු සංවර්ධන මණ්ඩලය සතු ඉඩම්.
  • අනෙකුත් සියලු සංස්ථා මණ්ඩල අධිකාරි සතු ඉඩම් රජයේ ඉඩම් ලෙස සැලකේ.

 

ඉඩම් ආශ්‍රිත රාජකාරි වලිදී උපයෝගී වන පනත්

  • 1935 අංක 19 දරන ඉඩම් සංවර්ධන ආඥා පනත.
  • 1979 අංක 43 දරන ඉඩම් ප්‍රදාන (විශේෂ විධිවිධාන) පනත.
  • 1947 අංක 08 දරන රජයේ ඉඩම් ආඥා පනත.
  • 1979 අංක 07 දරන රජයේ ඉඩම් (සන්තකය ආපසු ලබා ගැනීමේ) පනත.
  • 1950 අංක 09 දරන ඉඩම් අත්කර ගැනීමේ පනත.
  • 1931 අංක 20 දරන ඉඩම් නිරවුල් කිරීමේ ආඥා පනත.
  • 1998 අංක 21 දරන හිමිකම් ලියාපදිංචි කිරීමේ පනත.

News & Events

Scroll To Top