සමෘද්ධි ප්‍රතිලාභී නාම ලේඛණය - 2018 මෙතැනින් බලන්න
2018 වර්ෂය සඳහා ප්‍රතිලාභීන් සවිබල ගැන්වීම
බුලත්සිංහල ප්‍රාෙද්ශීය ලේකම් කොට්ඨාසයේ සමෘද්ධි සහනාධාර ලාභීන් ගණන 4423 පමණ වන අතර ඉන් 224 ක් සවිබල ගැන්වීමට අපේක්ෂිතයි.
මේ අනුව එම ප්‍රතිලාභීන් සවිබල ගැන්වීම සඳහා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් පහත සඳන් මුදල් ප්‍රතිපාදන වෙන් කර ඇත.
ගෘහස්ත අලෙවිසැල් සඳහා 200000.00
කෘෂි කර්මාන්ත සඳහා 1045000.00
සත්ව පාලන ව්‍යාපෘති සඳහා 20000.00
කර්මාන්ත ව්‍යපෘති සඳහා 285000.00
පුහුණු වැඩසටහන් සඳහා 50000.00
ඒ අනුව මෙම කොට්ඨාසයේ ක්රියාත්මකසමෘද්ධි බැංකු සංගම් 04 හි සවිබල ගැන්වීමට අපේක්ෂිත සමෘද්ධි ප්‍රතිලාභීන් ඉහත වැඩසටහන් මගින් සහ සමෘද්ධි බැංකු මගින් රු. 1000000.00 දක්වා උපරිම ණය ලබා දීම තුලින් ආදායම් වර්ධනය කිරීමට සැලසුම් ක්‍රියාත්මක කර ඇත. ප්‍රතිලාභීන් සවිබල ගැන්වීම සඳහා ගෝවින්න බැංකු සංගමය ට ප්‍රතිලාභීන් 35 ක් ද ඈගල්ඔය බැංකු සංගමයට 66 දෙනෙක්ද බුලත්සිංහල බැංකු සංගමයට 58 දෙනෙක් ද මහගම සමෘද්ධි බැංකුව සංගමය සඳහා 65 දෙනෙක්ද වශයෙන් ඉලක්ක ලබා දී ඇත
මේ අනුව කෘෂිකර්මාන්ත ක්ෂේත්රයට අදාල තේ වගාව, ගම්මිරිස් වගාව, ගෙවතු වගාව, බිම්මල් ව්‍යපෘති හා කර්මාන්ත ආශ්රිත වඩු කරමාන්තය, ඇඳුම් මැසීම, වෙල්ඩින් කර්මාන්ත ආශ්රිත සත්ව පාලන ව්‍යාපෘති වශයෙන් ද ව්‍යාපෘති හඳුනාගෙන ඇති අතර එම ව්‍යාපෘති ලාභීන් සඳහා අවශ්‍ය පුහුණු වැඩසටහන් ද දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ලංකා කාර්මික සංවර්ධන මණඩලය, විදාතා සම්පත් මධ්‍යස්ථානය, වෘතිී්ය පුහුණු අධිකාරිය වැනි ආයතන වල සහාය ලබා ගැනීමට අපේක්ෂා කෙරේ.
Action Plan

















